ඈත අතීතයේ සිට, ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්ය සහ විවිධාකාර වු සංස්කෘතික දායාද වලින් ලෝ පුරා සුවහසක් ගවේෂකයෝ සහ සංචාරකයින්ගේ සිත් වසඟ කිරීමට සමත් වී ඇත. වර්ග කි.මී. 65,610 කින් සමන්විත වු මෙම දිවයින දකුණු ඉන්දීය වෙරළට නුදුරින් පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ අනගි පිහිටීම ශතක ගණනාවක සිට එය වෙළඳ වරායක් ලෙස ප්‍රකට වීමට මුලික වු එක් කරුණකි. මැද පෙරදිග සහ අග්නිදිග ආසියාතික රටවල් වල සිට පැය 3 ½ ක පමණවු කෙටි ගුවන් කාලයක් සහිතවීම සහ යුරෝපයත් පෙරදිග ආසියාවත් සම්බන්ධ කරන වෙළඳ මාර්ගය මධ්‍යයේ පිහිටීමත් මෙලෙස ශ්‍රී ලංකාව ප්‍රසිද්ධවීමට හේතුවී ඇත.
මනරම්වූ වෙරළතීරය, මීදුමින් වැසුණු මධ්‍යම කඳුකරය, ඓතිහාසික නටබුන්, වනාන්තර, සශ්‍රීක වෙල් යායවල් වලින් ගහණ වූ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අත්දැකපු බොහෝ දෙනා මෙය පාරාදීසයකට සමාන කර ඇති වාර සංඛ්‍යාව අප්‍රමාණය.
විවේකයන් සඳහා මෙරටට පැමිණෙන සංචාරකයින් ශ්‍රී ලාංකිකයන්ගේ සුහදශීලීභාවය ඉතා අගය කරන අතර ව්‍යාපාර කටයුතු සඳහා මෙරටට පැමිණෙන අය ශ්‍රී ලාංකිකයන්ගේ කාර්මික හැකියාව සහ ශිල්පීය
නිපුණතාවය අගය කරති.
ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින් තෝරාගතයුත්තේ ඇයි?
පාරම්පරික දක්ෂතා
ඓතිහාසික ස්ථූප, දාගැබ්, ආරාම, මාළිඟාවන් සහ මහා වැව් ශ්‍රී ලාංකිකයින්ගේ කුසලතාවන් වලට කදිම සාක්ෂීන් වේ. පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන මෙම දක්ෂතා, නවීන තාක්ෂණයේ දියුණුවත් සමඟම දියුණුවී ඇත.
ඉහළ සාක්ෂරතාව
ශ්‍රී ලංකාවේ ද්වීතික සහ තෘතික අධ්‍යාපනය සහිත පුහුණු ශ්‍රමිකයින් රාශියක් සිටිති. A ශ්‍රේණියේ පාසල් සහ විශ්ව විද්‍යාල ඉතා ඉහළ මට්ටමක අධ්‍යාපන තත්වයන් පවත්වාගෙන යයි. 92% ක් වූ සාක්ෂරතාවය ආසියාවේ ඉහළ මට්ටමක වූ එකකි.
ඉක්මනින් ශාස්ත්‍ර ඉගෙන ගැනීමේ සහ අනුවර්තනය වීමට ඇති හැකියාව
ස්වභාවයෙන්ම පිහිටා තිබෙන බුද්ධිමත්කම සහ ශාස්ත්‍ර ඉගෙන ගැනීමේ සහ අනුවර්තනය වීමට ඇති හැකියාව නිසා විදේශීය සේවාදායකයින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හට වැඩි කැමැත්තක් දක්වයි. ඔවුන්ගේ දැඩි මිත්‍රශීලී භාවය නිසා ලාංකික ශ්‍රමිකයන් ඉක්මණින් ම විදේශ ජීවන රටාවලට හැඩගැසෙති. රැකියා තෘප්තිය සහ පහසුවෙන් සෑහීමට පත්වීම නිසා සේවාදායක-ශ්‍රමික සම්බන්ධතාවයද ඉහළ මට්ටමක පවතියි. තම පවුල සමඟ හොඳ සම්බන්ධතා පැවැත්වීම නිසා ඔවුන්ගේ සේවා කාලය අවසන් වූ පසු සිය රට බලා පැමීණීමේ සම්භාවිතාවය ද වැඩිය.
ශ්‍රී ලංකාව පිළිබඳ සාමාන්‍ය තතු කිහිපයක්
අගනුවර
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
වාණිජ්‍යමය අගනුවර
කොළඹ
විනිමය
ශ්‍රී ලංකා රුපියල
රාජාණ්ඩුව
සමානුපාතික ඡන්ද ක්‍රමයක් තුළින් පත් කරන ලද පාර්ලිමේන්තුවක් මඟින් ව්‍යවස්ථාදායක බලය පාවිච්චි කරනු ලැබේ. ආරක්ෂක අමාත්‍යධූරය ඇතුලුව විධායක බලය මනාප ඡන්ද ක්‍රමයකින් තෝරාගනු ලබන ජනාධිපතිතුමෙකු මඟින් පාවිච්චි කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ සර්ව පාර්ශ්වික ක්‍රමයක් පවතින අතර, සෑම වසර 6 කට සැරයක් ම නව රජයක් තෝරාපත් කරනු ලැබේ.
ජාතික කොඩිය
කහ රාමුවකින් වටවූ රතු පසුබිමක සිටින අසිපතක් තම දකුණු අත දරාගත් රන්වන් සිංහයෙකු ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් දැක්වේ. මුලු 4හි ඇතුල දෙසට එල්ලවු බෝ පත් 4 කි. කොළ සහ තැඹිලි වර්ණ සහිත සිරස් තීරු 2 ක් රටේ සුලු ජාතීන් පිළිඹිබු කරයි. මෙම ජාතික කොඩිය ශ්‍රී ලංකාවේ අවසාන රජතුමාගේ රාජ්‍ය කොඩිය ආශ්‍රයෙන් අනුවර්තනය කර ඇත.
ජනගහනය
මිලියන 19
ආයුෂ අපේක්ෂාව
කාන්තාවන් - අවුරුදු 74, පිරිමි - අවරුදු 64
සාක්ෂරතාව
91.8%
භාෂා
සිංහල සහ දමිළ. ශ්‍රී ලංකාවේ පිටිසර ගම්මානවල හැර බොහෝ ප්‍රදේශවල ඉංග්‍රීසි භාෂාව ද කථාකරනු ලැබේ.
ජාතීන්
සිංහල - 74%, දමිළ 18%, මුස්ලිම් 7%, බර්ගර් සහ වෙනත් 1%
ආගම්
බෞද්ධ - 70%, හින්දු ආගම - 16%, ක්‍රිස්තියානි - 7%, ඉස්ලාම් - 7%
දේශගුණය
පහත රට - නිවර්තනීය, සාමාන්‍ය උෂ්ණත්වය 27 C
මධ්‍යම කඳුකරය - සිසිල් දේශගුණයක් සහිත 14 C දක්වා අඩුවේ. මැයි සිට ජුනි දක්වා කාලය තුළ නිරිතදිග මෝසම් සුළං රටේ බස්නාහිර, දකුණු සහ මධ්‍යම ප්‍රදේශවලට වර්ෂාව ගෙනදෙන අතර, දෙසැම්බර් සහ ජනවාරි මාස තුළ ඊසානදිග මෝසම් සුළං රටේ උතුරු, නැඟෙනහිර ප්‍රදේශවලට වර්ෂාව ගෙනදෙයි.
කර්මාන්ත
තේ සහ රබර් සැකසීම, පොල් සහ අනෙකුත් කෘෂිකාර්මික භාණ්ඩ, ඇඳුම්, සිමෙන්ති, ඉන්ධන පිරිපහදූව, රෙදිපිළි, දුම්කොළ
කෘෂිකාර්මික නිෂ්පාදන
සහල්, උක්ගස්, ධාන්‍ය, මාෂ භෝග, බීජ තෙල්, කුලුබඩු, තේ, රබර්, පොල්, කිරි, බිත්තර, මස්
Follow us on