03
04 Job Opportunities
05
06
08

අමාත්‍යතුමාගේ පණිවුඩය

ගරු. හරින් ප්‍රනාන්දු
විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍යාංශය

 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ රැකියා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් පත්වීමට ලැබීම  මාගේ ගෞරවයට සහ සතුටට කරුණකි. 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සඳහා විදේශ විනිමය ඉපයීමේ විශාලතම ප්‍රභවය (FOREX) සහ අපගේ දළ දේශීය නිෂ්පාදිතයේ විශාලතම දායකයා විදේශ රැකියා වේ. එබැවින්, අපගේ විදේශ සේවා නියුක්තිකයින්ට ඔවුන්ට සුදුසු ඉහළ ගෞරවය, ඉහළ ප්‍රතිලාභ සහ ඉහළ පිළිගැනීම ලැබෙන බව මා විශ්වාස කරන අතර,  එසේ ලැබීම සහතික කරමි. 

විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මාගේ භූමිකාව සහ දැක්ම වනුයේ, සම්ප්‍රදායික විදේශ රැකියා භාවිතයන් සහ ක්‍රියාවලීන්ගෙන් ඉවත්ව, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සේවයේ යෙදීම සම්බන්ධව වඩාත් විනිවිදභාවය, අනුකූලතාවය සහිත නියාමන ක්‍රියාවලියක් වෙත ප්‍රවේශ වීම වන අතර,  එමගින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයට (ILO) අනුකූලව සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ සියලුම මානව සහ කම්කරු අයිතිවාසිකම් පිළිගනිමින් අප ජනතාවගේ ආරක්ෂාව, සුභසාධනය, සෞඛ්‍යය සහ සුරක්ෂිතතාවය සඳහා ඉහළම ප්‍රමුඛතාවයක් ලැබෙනු ඇත. අප සැවොම දන්නා පරිදි ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) යනු ලොව පුරා වෙසෙන ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා  සහ ජීවන තත්වයන් වැඩිදියුණු කිරීම උදෙසා කැපවිමට පිහිටුවා ඇති “එක්සත් ජාතීන්ගේ සංවිධානයේ“ විශේෂිත වූ ආයතනයකි. 

අමාත්‍යවරයා වශයෙන් මගේ නිල කාලය තුළ පහත  අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳව සහතික විම මගේ ප්‍රධානතම ප්‍රමුඛතාවය වේ. 

·         වටිනාකම් දාමය ඉහළට ගෙන යාම, එමගින් අපගේ ජනතාව පුහුණුව ලත්, අවංක සහ කඩිසර ශ්‍රමිකයින් බවට පත්වන අතර, ඔවුන් නැවත පැමිණි පසුව ඉහල වැටුප් සහිත රැකියා, දිගුකාලීන කොන්ත්‍රාත් මෙන්ම නවීන සහ වඩා ආකර්ෂණීය වෙළඳපලක් වෙත මග විවර කිරීමෙන් ඔවුන්ගේ සුරක්ෂිතතාවයට සහාය වීමට අපගේ අමාත්‍යාංශයට හැකිවනු ඇත. 

·         විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ ක්‍රියාවලිය සහිතව තනි කවුළු ස්වයංක්‍රීයකරණය කිරීම සහ පූර්ව සහ පසු බඳවා ගැනීමේ ක්‍රියාවලිය සඳහා සැබෑ ඩිජිටල් පරිවර්තනයක් ගෙන ඒම සහ එමගින් ඉහළ කාර්යක්ෂමතාවය, ඉහළ විනිවිදභාවය සහ පහසුව සාක්ෂාත් කර ගැනීම පමණක් නොව වංචා, අවභාවිතයන් සහ මිනිස් ජාවාරම් අවම කිරීම, තුරන් කිරීම සහ ඉවත් කිරීම සිදු වනු ඇත. 

·         රටවල්, රජයන්, සංක්‍රමණික බලධාරීන්, නීතිය බලාත්මක කිරීමේ බලධාරීන් සහ සේවා යෝජකයන් සඳහා ඉහළම විශ්වාසය සහ සහතිකය ලබා දීම, එමගින් ඔවුන්ගේ රටට ඇතුළු වන ශ්‍රමිකයින් ඉහළම අවංකභාවයෙන් යුතු වන අතර, එකඟතා ගිවිසුම අවසන් වීමෙන් පසුව සේවකයා සහ ඔවුන්ගේ සේවාදායකයා අතර සේවක ගිවිසුම දීර්ඝ කිරීමට අන්‍යෙන්‍ය වශයෙන් එකඟතාවයකට එළඹුනේ නැතිනම්,  ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. 

·         ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙත වර්ගීකරණයෙහි හොඳම ශ්‍රමිකයින් ලෙස ඉහළ පැහැදීම, විශ්වාසයවන්තභාවය සහ දැඩි විශ්වාසය ලබා දීම සහ එමගින් තම සමීපතමයන් සහ අනෙකුත් තරගකාරී ජාතීන් අතරින් පුද්ගලයින් වෙන් වෙන්ව හඳුනාගත හැකි වන අතර, එබැවින් අපි ලෝකයේ වඩාත්ම කැමති කම්කරු සහ විදේශීය ශ්‍රමිකයන් අපනයනය කරන රට බවට පත් වේ. 

·         අපගේ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමේදී ඔවුන් වෙත රජයේ උපරිම පිළිගැනීම සහ ප්‍රතිලාභ ලබා දීම සහතික කිරීම.  වැඩිදියුණු කරන ලද වඩාත් අර්ථවත් විශ්‍රම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක වනු ඇත. 

·         ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන ශ්‍රමිකයන් සඳහා දිරි දීමනා, ප්‍රතිලාභ සහ දීමනා නිසි ලෙස සකස් කිරීම ප්‍රමිතිකරණය කිරීම සහ එමගින්  ඔවුන්ට ඉහළ ඉතිරිකිරීම්, විචක්ෂණශීලී සහ නීත්‍යාණුකූල ආයෝඡන සහිත වඩා සුරක්ෂිත අනාගතයක් හිමි වනු ඇත. 

·         විදේශගත වන අපගේ ශ්‍රමිකයින්ට සහ ශ්‍රී ලංකාව තුළ වෙසෙන ඔවුන්ගේ පවුල්වලට සෞඛ්‍යය, බැංකු සහාය (අනේවාසික විදේශ විනිමය (NRFC) ගිණුම්වල ඉහළ පොලී අනුපාත), හදිසි අවස්ථාවකදී නීතිමය ආධාර, රාජ්‍යතාන්ත්‍රික සහාය, සෞඛ්‍ය / ජීවිත රක්ෂණ සේවාවන්හි ඉහළම ප්‍රමුඛතාව ලබා දීම සහ ඔවුන්ගේ දරුවන්ට හොඳම ජාතික පාසැල්වලට ඇතුලත් වීමේ අවස්ථා සහතික කිරීම. 

·         අපගේ ශ්‍රමිකයින් රටින් පිටත්ව යාමට පෙර ඔවුන්හට මනා කුසලතා පුහුණුව සහ සංවර්ධනය ලැබිය යුතු වන අතර, සේවය කරන රටෙහි නීති, රෙගුලාසි, සමාජීය ආචාර ධර්ම, සංස්කෘතික සහ ආගමික චර්යාවන්ට අදාළව නිශ්චිත හැඩගැසීමක්  ඔවුන් විසින් ලබා ගත යුතු වේ. එමගින් ඔවුන් වඩා හොඳ සූදානමකින් යුතු සහ දැනුවත්වීමක් සහිත වනු ඇත. 

විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල උපරිම සුභසාධනය සහතික කිරීම, අතිගරු ජනාධිපතිතුමාගේ, අගමැතිවරයාගේ මෙන්ම රජයේ වගකීම වන අතර,  අමාත්‍යවරයා වශයෙන් මා මෙම ප්‍රතිපත්තිය යටපත් නොකරමි. විදෙස්ගත ශ්‍රමිකයන් අගය කිරීම සහ ඔවන් වෙත පිළිගැනීමක් ලබා දීම  සඳහා,  විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් නිර්මාණය කිරීම මෙන්ම අනේවාසික විදේශ විනිමය ගිණුම්වල (NRFC)  පොලී අනුපාත වැඩි කිරීම සහ ආපසු පැමිණෙන ශ්‍රමිකයින්හට තීරුබදු නිදහස් දීමනා වැඩි කිරීමට  යෝජනා කරන්නෙමු. 

ආකර්ෂණීය ප්‍රතිලාභ සහ වඩා හොඳ සේවා කොන්දේසි සහිත නව රැකියා අවස්ථා සහ ඉහළ වැටුප් සහිත රැකියා සොයා ගැනීම අපේක්ෂා කර, මැද පෙරදිග රටවලට අමතරව යුරෝපීය, මධ්‍යධරණී, පැසිෆික් දූපත් සහ ආසියානු රටවල් සමඟ අවබෝධතා ගිවිසුමට ඇතුලත් වීම සඳහා අමාත්‍යවරයා වශයෙන් මා  සහ මගේ නිලධාරීන් කටයුතු කරනු ඇත. 

ඉහළ ආදායම් මාර්ගයක් සහිත ඉහළ ඉල්ලුමකින් යුතු කාණ්ඩයන්ට අනුකූලව වඩා හොඳ දැනුම, අධ්‍යාපනය සහ නිපුණතා වැඩිදියුණු කිරීම සඳහා පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලා පවත්වාගෙන යාම සඳහා දිවයින පුරා පාසල් සහ කුසලතා සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා රාජ්‍ය පෞද්ගලික අංශය හවුල්කාරිත්ව (PPT) ව්‍යාපෘති කෙරෙහි අමාත්‍යාංශය සිය අවධානය යොමු කරනු ඇත. 

නිදහස, අභිමානය, ගෞරවය, ආරක්ෂාව සහ ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, ආගම යනාදිය සඳහා සමාන සුරක්ෂිතභාවයෙන් යුතු කොන්දේසි සහිතව, විදේශ රැකියාවක නියුක්ත වීම සඳහා ඇති අයිතිය තහවුරු කරන අතරතුර, පුරවැසියන් සඳහා වැඩි රැකියා අවස්ථා උත්පාදනය කිරීමටත්, සේවා සහ පහසුකම් පුළුල් කිරීමටත් හැකි මාර්ග සහ උපක්‍රම පිළිබඳව මා සහ අමාත්‍යාංශය අඛණ්ඩව අප අවධානය යොමු කරන්නෙමු.