බලපත්‍රයක් ලබාගැනීම
විදේශ රැකියා ඒජන්සි බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඔබේ කාර්ය්‍යාලය;
- පහසුවෙන් ළඟාවිය හැකි සහ පොදු ප්‍රවාහන සේවා සහිත ස්ථානයක පිහිටා තිබිය යුතුය
- අවම වශයෙන් වර්ග අඩි 500 ක වත් භූමි ප්‍රමාණයක් සහිත විය යුතුය
- IDD පහසුකම් සහිත දුරකථන, ෆැක්ස්, පරිගණක, දත්ත ගබඩා, යතුරු ලියන, පිටපත් කිරීමේ යන්ත්‍ර ආදී පහසුකම් සහිත විය යුතුය
පහත සඳහන් ලියකියවිලි භාරදීමෙන් බලපත්‍රයක් ලබාගැනීමට අයඳුම් කළ හැක:
- ව්‍යාපාර ලියාපදිංචි සහතිකය හෝ සහතික කරන ලද 48 වන ආකෘති පත්‍රය සහ ගිවිසුම් කොන්දේසි (සමාගම් පණත යටතේ ලියාපදිංචි කර ඇත්නම්)
- කාර්ය්‍යාලීය සැළැස්ම සහ භූමියේ ඔප්පුව හෝ කල්බදු ගිවිසුමක්
- ව්‍යාපාරයේ හවුල්කරුවන්ගේ පුරවැසිභාවය පිළිබඳව දිවුරුම් පෙත්සම්
- රැකියා ඒජන්සිය භාරව සිටින පුද්ගලයාගේ චරිතය සහ විශ්වාසනීයභාවය සනාථකිරීමට මෑතකදී ලබාගන්නා ලද සාක්ෂාත්කාරයන් 2 ක්. මින් එකක් ප්‍රදේශයේ ග්‍රාමසේවක නිළධාරි මහතාගෙන් විය යුතු අතර ඉන් එම පුද්ගලයා ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සනාථ කළ යුතුය
- වාණිජ බැංකුවකින් ඒජන්සිය හෝ භාරව සිටින පුද්ගලයා වෙනුවෙන් ඇපකාර ලිපිය
- ඒජන්සියේ හවුල්කරුවන්ගේ හෝ අධ්‍යක්ෂකවරුන්ගේ පහත සඳහන් ලියකියවිලිද ඉදිරිපත් කළ යුතුය:
- උප්පැන්න සහතික
- පෞද්ගලික ජීව දත්ත
- ජාතික හැඳුණුම්පත් හෝ විදේශ ගමන් බලපත්‍රවල පිටපත්
- ළඟම ඇති පොලීසියෙන් පොලිස් වාර්තා
- රැකියා ඒජන්සිය භාරව සිටින පුද්ගලයාගේ පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයක්
ඉහත ලියකියවිලි සියල්ල භාරදුන් පසු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ කණ්ඩායමක් ඒජන්සි පරිශ්‍රය සහ ලියකියවිලි පරීක්ෂා කර බලපත්‍රය ලබාදීමට අනුමැතිය දෙයි.
මෙසේ ලබාගන්නා බලපත්‍රය වලංගුවන්නේ නිකුත් කළ දිනයේ සිට අවුරුද්දක කාලයක් සඳහා පමණි.
Follow us on