00
00
01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
14
14
15
16
17
20
21

විදේශ රැකියා බලපත්‍රයක් අලුත් කරගැනීම

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයෙන් අයඳුම්පතක් ලබාගෙන සම්පුර්ණ කරදීමෙන් ඔබගේ බලපත්‍රය අලුත් කරගත හැක.


බලපත්‍රය අලුත් කරගැනීමට ඔබගේ අයඳුම්පත පැරණි බලපත්‍රය අවලංගුවීමට දින 30 කට පෙර භාරදිය යුතු අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය ඔබගේ කාර්ය්‍යාලයේ කාර්යක්ෂමතාවය(පසුගිය වසර දෙක තුල කිසිදු බදවා ගැනීමක් සිදු කොට නොමැති නම් බලපත්‍ර කාලය දීර්ඝ කිරිමට අනුමැතිය දෙනු නොලැබේ.) උපකරණ,වාර්තා, ලියකියවිලි ආදිය, දීර්ඝ කරනු ලැබ ඇති බැංකු ඇපකරය පරීක්ෂා කර නව බලපත්‍රය සඳහා අනුමැතිය ලබා දෙයි.

ඔබගේ රැකියා ඒජන්සිය පිහිටි ස්ථානය වෙනස් කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ බලපත්‍ර අංශයේ අනුමැතිය ලබාගෙන අයඳුම්පතක් පුරවා පහත සඳහන් විස්තර සහිතව භාරදිය යුතුය.

  • රැකියා ඒජන්සිය පිහිටීමට බලාපොරොත්තු වන නව ස්ථානය
  • එම නව භූමි පරිශ්‍රයේ පදිංචිය තහවුරු කරන නීත්‍යානුකූල ලියකියවිලි
  • නව ලිපිනය සඳහන් වූ වෙනස් කරන ලද ව්‍යාපාරික ලියාපදිංචි සහතිකය
  • අලුත් කිරීමේ ගාස්තුව - රුපියල් පනස් දහසක් (රු. 50,000+SSCL+VAT)