00
02
02
02
02
02
03
04
05
06
07
08
09
10
10
11
12
14
14
14
15
16
17
20
21

බඳවාගැනීමේ ක්‍රියා පටිපාටිය

ශ්‍රී ලංකාවේ රැකියා ඒජන්තවරුන්

 

විදේශ රැකියා සහා බවාගැනීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයට අනුබද්ධිත ශ්‍රී ලංකා ‍ෆොරිං එම්ප්ලෝයිමන්ට් ඒජන්සි (පුද්ගලික) සමාගම සහ වෙනත් පුද්ගලිකරැකියා ඒජන්තවරුන් විසිනි. මෙම සියළු රැකියා ඒජන්තවරුන්ගේ තොරතුරු පරීක්ෂා කර අනුමැතිය ලබාදෙනු ලබන්නේ ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ක්ෂේත්‍රය පාලනය කරන්නාවූ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය විසිනි.

 

ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ඒජන්තවරුන් ඉතා කාර්යක්ෂම ලෙස කටයුතු කරන්නාවු විශ්වාසවන්ත ආයතන වන අතර ඔවුන්ගේ විදේශීය නියෝජිතයන් සමඟ ද ඉතා සුහදව කටයුතු සිදුකරයි. මේ සියළු රැකියා ඒජන්තවරුන් බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයේ (ALFEA) සාමාජිකයන් වන අතර ඔවුන්ගේ සියළු ක්‍රියාකාරකම් වෙත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ අවධානය යොමු වේ.

 

2015 දී මෙම ලියාපදිංචි ඒජන්තවරුන් විසින් ලෝ පුරා රටවල් 40 කට වැඩි සංඛ්‍යාවකට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 263,307 ක් බවාගන්නා ලදි.

 

රැකියා ඒජන්තවරුන්ගේ බඳවාගැනීමේ සේවා

 

සියළු රැකියා අයුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයේ දී එම රැකියාවට දක්වන සුදුසුකම් ඉතා හොින් නිරීක්ෂණය කර ඔවුන් ව සේවායෝජකයන්ගේ අවශ්‍යතාවයන් සමඟ සංසන්දනය කරනු ලැබේ. අවශ්‍ය නම් රැකියාවට අදාල පරීක්ෂණ වුවද පළපුරුදු ස්වාධීන සංවිධාන මඟින් පවත්වනු ලබා සහතික නිකුත් කිරීමද සිදුකෙරේ.

 

ඉන්පසු මෙ‍ම අපේක්ෂකයින් වෛද්‍ය පරීක්ෂණයට ලක් කර ඔවුන්ගේ කායික සහ මානසික ශක්තිය නිර්ණය කරනු ලැබේ. ඔවුන්ගේ චරිතය පිළබව පොලිස් සහතිකයක් ද ලබාගනු ලැබේ. තේරී පත්වුණු අපේක්ෂකයින්ට විදේශ ගමන් බලපත්‍ර, වීසා බලපත්‍ර, සහ ගුවන් ටිකට් පත් ද පහසුවෙන් ලබාගැනීමට අවශ්‍ය සහයෝගයද දෙනු ලැබේ.