1.ආබාධිත විගමණික සේවකයින් සඳහා සහන නිවාස වැඩසටහන
විදේශ ගත වී සිටියදී සිදු වන අනතුරකදී පූර්ණ ආබාධිත විගමණික සේවකයින් ඔවුන්ගේ ඉපැයුම් මට්ටම 65% කට වඩා අඩුනම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රු.500,000 ක් වටිනා නිවසක් තැනීම සඳහා ආධාර ලබා දේ. ඒ සඳමහා විගමණික සේවකයා සතුව ඉඩමක් තිබිය යුතුය. රු.500,000 කට වඩා වැඩි ඇස්තමේන්තු වටිනාකමකින් යුක්ත නම් එම වැඩි වටිනාකම විගමණික සේවකයා විසින් දැරිය යුතුය.මෙම නිවාස සැලසුම සහ ඇස්තමේන්තුව ජාතික නිවාස අධිකාරිය මඟින් සැකසිම සිදු කරනු ලැබේ.
2. දරුදිරිය වැඩසටහන
රටවිරුවෝ දරුදිරි දීප ව්‍යාප්ත තරඟය
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් වාර්ෂිකව විගමණික සේවකයින්ගේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ කුසලතාවයන් වැඩිදියුණු කිරීම සඳහා ගායනය, නැටුම්, රචනා, චිත්‍ර දිස්ත්‍රික් පළාත් හා ජාතික මට්ටමින් තරඟ පැවැත්වේ.
සුදුසුකම්
3. දරුවන් රැක බලා ගැනීමේ වැඩසටහන හා දූදරු රැකවරණ මධ්‍යස්ථාන පිහිටුවීම
4. පාසල් උපකරණ ලබා දීම
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් විගමණික සේවකයින්ගේ දරුවන් සඳහා පාසැල් උපකරණ ලබා දීම. එම දරුවන් හට ඇති වන ආර්ථික අපහසුතා සඳහා ඔවුන් දක්වන විශේෂ කුසලතා සඳහා අධ්‍යාපනය, ක්‍රීඩා සහ අනෙකුත් දක්ෂතා සඳහා ආධාර ලබා දීම.
5.විගමණික සේවකයින් සඳහා ලබා දෙන විශේෂ සුභසාධන සේවා
විදේශ සේවා නියුක්ති කාර්යාංශය මානූෂීය සාධක මත රක්ෂණ ප්‍රතිපත්තියෙන් ආවරණය නොවන අවස්ථා වලදී වන්දි ලබා දීම සිදු කරනු ලබයි. උදා. බරපතල රෝගී තත්වයන් මත, මරණයකදී, ආබාධිත තත්වයන් වැනි අවස්ථා වලදී,
මෙහිදී විගමණික සේවකයින් හෝ ඔවුන්ගේ පවුලේ අයෙකු විසින් වන්දි ඉල්ලීමක් සිදු කරන අවස්ථා වලදී පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය.
විදේශ රැකියාවක් සඳහා ව්දේශ ගත වීමට බලාපොරොත්තු වන පුද්ගලයා විදේශ ගත වීම ඔහුගේ හෝ ඇයගේ පවුල වෙත වන බලපෑම අවම කිරීමට ගන්නා ලද තීන්දු තීරණ අනුව එසේ විදේශ ගත වීමෙදී පවුලේ අනෙකුත් සාමාජිකයන් විසින් විදේශ ගත වීම නවතා දමන ලෙස කරන ඉල්ලීම් සම්බන්ධව සලකා බැලීම.
Follow us on