නවතම පුවත්

බදුල්ලේ පාසල්වලට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ස්මාට් බෝඩ් පිරිනමයි.

බදුල්ල පාපන්දු ක්‍රිඩාංගනයේදී පැවති ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවාවේදී බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 15ක් වෙත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ස්මාට් බෝඩ් ප්‍රදානය කිරීම 2024.5.31 දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ සහ විදේශ රැකියා ප්‍රවරධන රාජ්‍ය අමාත්‍යාංශ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

මෙම අවස්ථාවට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර් ලිමේන්තු මන්ත්‍රි වඩිවෙල් සුරේෂ් යන මැති ඇමතිවරුන් සමග කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පි.ඒ.විමලවීර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස් ඇතුළු නිළධාරීන් හා විශාල ජනතාවක් සහභාගි විය.

මෙම මුලපිරීම සංක්‍රමික ශ්‍රමිකයන්ගේ දරුවන් සඳහා අධ්‍යපනික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ පියවරක් වන අතර, ඔවුන්ගේ අධ්‍යාපනික අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා නවීන ඉගෙනුම් මෙවලම් ලබා දීම.

SI