නවතම පුවත්

“Jayagamu Sri Lanka” – Batticaloa

ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමිකයන්ගේ දූත දරුවන් හට ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.06.28 සහ 2024.06.29 දින මඩකලපුව හින්දු විද්‍යාල ක්‍රීඩාගනයේදි සිදු කරන ලදි.
මෙහිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමනික ශ්‍රමික දූ දරුවන් 321කට ශිෂ්‍යත්වය හා දූ දරුවන් 309කට වටිනා පාසල් උපකරණ ප්‍රදානය කිරීම සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් ඉගෙනුම ලබන පංසල් 14ක් සදහා ස්මාට් බෝඩ් ලබා දිම සිදු කරන ලදී.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ප්‍රදේශිය මාධ ්‍ය වේදීන් අතර, අන්නෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවනු ලබන මාධ්‍ය සංසදය ආරම්භ කිරීම 2024.06.29 වන දින මඩකලපුව ස්වර් ණ නදී හොටලයේදි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ආරක්ෂිත සංක්‍රමණය සහ මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සංවර් ධන නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් (2024.06.28) මඩකලපුව හින්දු විද්‍යාල ක්‍රීඩාංගනයේදී ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවයට සමගාමී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

07/02/2024
07/02/2024
07/02/2024
SI