SLBFE Media 28.1.2025 -ශ්‍රි ලාංකිකයින් ජපානයේ රැකියා සඳහා යොමුකිරිමේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා, ජපානයේ IM Japan ආයතනයේ සභාපති කනමොරි හිතොෂි මහතා (Mr. Kanamori Hitoshi) හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය. 2025.01.28 දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී මෙම හමුව පැවති අතර, ඊට කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයේ නිළධාරීන්ද එක්විය.
මෙහිදී දෙපාර්ශවය විසින් කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජපන් රැකියා බඳවාගැනීමේ වැඩසටහන් වල ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරනු ලැබූ අතර, නව රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි. ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රය සඳහා වැඩි රැකියා ප්‍රමාණයක් පවතින බවත් ඒ සඳහා පුහුණු සංචිතයක් නිර්මාණය කරගත යුතු බවටත් සාකච්ඡා කරන ලදි.
ශ්‍රි ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කාර්යාංශ සභාපතිතුමා මෙහිදී ස්තූතිවන්ත වූ අතර, අනෙකුත් ක්ෂේත්‍ර සඳහා ද රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට විවරකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන්ද ජපාන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය. කාර්යාංශය විසින් ශ්‍රමිකයින් බඳවාගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හිතොෂි මහතා ප්‍රසාදය පළකළ අතර, ඉදිරියේදී වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් ලබාදීමට අවශ්‍ය පියවරගන්නා බවද සඳහන් කළේය.
මෙම අවස්ථාවට කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) සෙනරත් යාපා යන මහත්වරුන් හා IM Japan ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක මසනොබු කොමියා මහතා (Mr. Masanobu Komiya) එහි කොළඹ කාර්යාලයේ සාමාන්‍යාධිකාරී හිඩෙටි තමුරා මහතා (Mr. Hideti Thamura) මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.