ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන සමඟ සහයෝගයෙන්, 2025 වසරේ පළමු විදේශ රැකියා පොළ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීය. කාර්යංශයේ මධ්‍යම පළාත් කාර්යාලයේ සහ අලෙවිකරණ අංශයේ ඒකාබද්ධව, දේශීය තරුණ තරුණියන්ට විදේශ රැකියා අපේක්ෂාවන් ඉටුකරගැනිමට අවස්ථා ලබා දීම අරමුණු කර ගෙන මෙම රැකියා පොළ පවත්වන ලදි.
මෙහි දි විදේශ රැකියා සොයන්නන් සැලකිය යුතු සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගත් අතර, විදේශ රැකියා සඳහා අයදුම් කිරීමට සහ විදේශ රැකියා සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය පුහුණු පාඨමාලා පිළිබඳ මග පෙන්වීම ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දුන්නේය. අදාළ සහතික සහ වෘත්තීය කුසලතා ලබා ගැනීම පිළිබඳ වටිනා තොරතුරු ද එය සපයන ලදී. විශේෂයෙන්, මෙම වැඩසටහනේ විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සහ විදේශ රැකියාවල නිරතව සිට යළි පැමිණ ශ්‍රමිකයන්ගේ ස්වයං රැකියා අවස්ථා සඳහා මුල්‍යාධාර ප්‍රදානය කිරිම වැනි විශේෂ මුලපිරීම් ඇතුළත් විය.
මෙම උත්සවයේ ප්‍රධාන කැපී පෙනෙන සිදුවීමක් වූයේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA), වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සහ හෝටල් පාසල වැනි රජයේ පිළිගත් ආයතනවල සහභාගීත්වයයි. එමඟින් ජාත්‍යන්තර රැකියා වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීය රැකියා සඳහා බඳවා ගැනීම් පහසු කරවන ලදී.රැස්ව සිටි පිරිස ඇමතූ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ශිෂ්‍යත්ව වැඩසටහන අගය කළ අතර සංක්‍රමණික සේවකයින්ගේ දරුවන් නැවත රටට පැමිණි පසුවත් ඔවුන්ට අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට පොරොන්දු විය. විදේශ රැකියා සොයන අය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමේ වැදගත්කම ඔහු අවධාරණය කළ අතර පසුගිය පාලනය යටතේ සිදුව් අක්‍රමිකතා පිළිබඳ ගැටළු විසඳීම සඳහා විනිවිද පෙනෙන බඳවා ගැනීමේ ක්‍රියාවලියක අවශ්‍යතාවය අවධාරණය කළේය.
දූෂණය, වංචාව සහ නාස්තිය ඵලදායී ලෙස විසඳා ගැනීම සහතික කරමින්, ඊළඟ පරම්පරාවට සමෘද්ධිමත් අනාගතයක් ඉතිරි කිරීම සඳහා රට ප්‍රගතිශීලී මාවතකට ගෙන යාමට රජයේ කැපවීම ද හේමචන්ද්‍ර මහතා පෙන්වා දුන්නේය.විදේශ රැකියා සහ වෘත්තීය පුහුණුව සඳහා ඉදිරිපත් කර ඇති නව අවස්ථා පිළිබඳව සහභාගිවන්නන් සුභවාදී අදහස් පළ කරමින් රැකියා ප්‍රදර්ශනය ඉහළ මට්ටමක අවසන් විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, කාර්යාංශයේ අතිරේක සාමාන්‍යධිකාරි ප්‍රියන්ත විරසේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එච්. ඩබ්. සමන්ත, කාර්යංශයේ මධ්‍යම පළාත් කාර්යාලයේ ජේෂ්ඨ කළමනාකරු නිලෝමි කන්නන්ගර. අලවිකරණ අංශයේ කළමනාකරු රසික සිරිසේන යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වී සිටියහ.