ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 1994 අංක 4 සහ 2009 අංක 56 දරණ පනත් වලින් සංශෝධිත 1985 අංක 21 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 53 (3) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවෙන් පිටත සේවා නියුක්තිය සඳහා බැහැර යන සෑම ශ්‍රී ලාංකිකයෙකු විසින් ම, එසේ පිටත් වීමට පෙර කාර්යාංශයෙහි ලියාපදිංචි විය යුතුය. ඒ අනුව,
වයස් සීමාවන්:
කාන්තාවක් ගෘහස්ත රැකියාවක් සඳහා විදේශගත වීමට
පුහුණු ශ්‍රමිකයෙකු වශයෙන් රැකියාවකට යන්නේ නම් පිළිගත් ආයතනයකින් ලබා දෙන වෘත්තීය පළපුරුද්ද ඇති බවට සේවා සහතිකයක් (සේවා කාලය මාස 6කට නොඅඩු විය යුතුය) හෝ වෘත්තීය සුදුසුකම් පිළිබඳ සහතික/උපාධි සහතික/ඩිප්ලෝමා සහතික වල සත්‍ය පිටපත් ඉදිරිපත් කළයුතුය
(කරුණාකර සෞදි අරාබිය සඳහා ලියාපදිංචිය අලුත් කිරීමේදී ඉකාමා කාඩ්පත හෝ පිටපතක් ඉදිරිපත් කරන්න)
The initial registration fee is Rs.22,027.00 -(Rs.18,200.00 + 18% (VAT) + 2.5%(SSCL)
ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව රු.4,599.00 (Rs.3,800.00 +18% (VAT)+2.5%(SSCL)
අවසන් වරට ලියාපදිංචි වූ සේවායෝජකයාගෙන් නව වීසා බලපත්‍රයක්/ රැකියා ගිවිසුමක් ලැබීමෙන් පසු (අවසන් ලියාපදිංචියෙන් පසු සේවායෝජකයෙකු නොවන වෙනත් සේවා යෝජකයෙකු වෙත විදේශගත වී නොතිබිය යුතුය)
සටහන : කාර්යාංශයේ ලියාපදිංචි වී සිටින වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයෙකුට කාර්යාංශය විසින් සපයනු ලබන නොමිලේ දේශීය රක්ෂණ ආවරණයේ ප්‍රතිලාභ හිමි නොවේ