නවතම පුවත්

විගමණික ශ්‍රමිකයින්ට සහන රැසක් සමගින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කාර්යාංශ මධ්‍යස්ථානය විවෘත කෙරේ

විගමණික ප්‍රජාව වෙත පහසුකම් රැසක් සලසමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කිලිනොච්චිය දිස්ත්‍රික් මධ්‍ය ස්ථානය 2024.07.13 දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් විවෘත කර ජනතා අයිතියට පත් කරන ලදී.

අදාළ සමරු ඵලකය අමාත්‍යාවරයා විසින් විවෘත කිරීමෙන් අනතුරුව, රැකියාවක් සඳහා විදේශ ගතවන ශ්‍රමිකයකු කාර්යාලය ලියාපදිංචිය සිදුකිරීමෙන් මධ්‍යමස්ථානයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

ස්වයං මාර්ගයෙන් විදේශ රැකියා සඳහා ලියාපදිංචි වීම, විදේශ රැකියා පුහුණුව, සමථකරණ සේවා, පැමිණිලි භාරගැනීම, විමර්ශන අංශ ඇතුළු සේවා රැසක් මෙම මධ්‍ය ස්ථානය මගින් සිදු කරනු ලබයි.

07/16/2024
07/16/2024
07/16/2024
07/16/2024
07/16/2024
07/16/2024
07/16/2024
07/16/2024
SI