නවතම පුවත්

කුවේට්හිදී අනතුරට ලක්වූ කාන්තිරන්ත මැණිකේ මහත්මියට කාර්යාංශෙයන් නව නිවසක් ලබා දෙයි

SLBFE Media NEWS: කුවේට්හි විදේශ රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වීම හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ මාගන්දනමුල්ලහි පදිංචි ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මියට, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහන නිවාස ව්යායපාතිය යටතේ ඉදිකළ නව නිවස ඇයට භාරදිම කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා (2025.03.21) සිදුකරණ ලදි.

දරුවන් දෙදෙනෙකුගේ මව වන ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මියගේ සැමියා මියගොස් ඇත. වැඩිමහල් දියණිය යුධ හමුදාවේ සේවය කරන අතර බාල දියණිය උසස්පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටී.

ලෑලි හා ඉටිකොළ ආවරණය කර ටකරම් වහල සෙවිලි කළ නිවසක ජීවත් වූ කාන්තිරත්න මැණිකේ මහත්මිය හට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සහන නිවාස සුබසාධන වැඩසටහන මගින් රුපියල් ලක්ෂ 17.5ක වියදමින් මෙම නිවස සාදා දුනි. නිවස තැනීමේ කටයුතු මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදුවිය.

විදේශ රැකියාවක් සඳහා යොමුවීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම අනිවාර්ය වන අතර එසේ ලියාපදිංචිවී විදේශ රැකියාවට පිටත්වයාම හේතුවෙන් කාන්තිරත්න මැණිකේ මහත්මිය හට මෙම නිම නිවස හිමිවිය. එසේම කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම මගින් විගමනික ශ්‍රමිකයන් හට නොමිලේ රක්ෂණ ආවරණ, රැකියාවේදී අනතුරට පත්වුවහොත් වෛද්යාිධාර හා නිවාස, ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුලේ අයට වෛද්‍ය සායන, ස්වයංරැකියා ආධාර හා මාර්ගෝපදේශනය, දූදරුවන්ට ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ ආදී වූ සුබසාධනය හා සංවර්ධනය වෙනුවෙන් පහසුකම් රැසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පිරිනමයි.

කාන්තිරත්න මහත්මියට නිවස භාර දීමේ අවස්ථාවට කාර්යාංශයේ ජෙෂ්ඨ කළමනාකරු (ඌව පළාත) එස්.ගාල්ලගේ මහත්මිය සහ කාර්යාංශයේ මොනරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථාන නිළධාරීන් හා විදේශ රැකියා සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී විය.

 

SI