නවතම පුවත්

විගමණික ශ්‍රමිකයින්ට සහන රැසක් සමගින් මොණරාගල දිස්ත්‍රික්කයේ කාර්යාංශ මධ්‍යස්ථානය විවෘත කෙරේ

විගමණික ප්‍රාජාව වෙත පහසුකම් රැසක් සලසමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ මොණරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථානය 2024.6.24 දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් විවෘත කරන ලදී. කටාර් රාජ්‍යයේ රැකියාව සඳහා කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමට පැමිණි පුද්ගලයෙකු ලියාපදිංචි කිරීමෙන් පසු නව මධ්‍යස්ථානය රාජකාරි නිල වශයෙන් ආරම්භ කරන ලදී.

විදේශ රැකියා ප්‍රවර් ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ඉල්ලීම පරිදි, මොණරාගල, බිබිල පාර, හුලංදාව යන ස්ථානයේ මෙම නව මධ්‍ය ස්ථානය ස්ථාපිත කොට තිබෙන අතර, විදේශ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් කාර්යාංශ ලියාපදිංචිය ලබා ගැනීම, විදේශ රැකියා සඳහා පැමිණිලි භාරගැනීම, සුභසාධන රැකියා පහසුකම් සැපයීම, විදේශ රැකියා පුහුණුව ලබා දීම, විශේෂ විමර්ශන කටයුතු ඇතුළු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන්කෙරෙන බොහෝ සේවාවන් මෙම නව මධ්‍යස්ථානය ස්ථානය මගින් සලසා ගැනීමට මහජනතාවට අවස්ථාව සලසා දී තිබේ.

රැකියාව අතරතුරදී ආබාධිත වූ විගමණික ශ්‍රමික මහත්මියක් වෙනුවෙන් නිවසක් ප්‍රදානය කිරීම අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් මූල්‍යාධාර ලබාදීම සිදුකෙරිණි.නව මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යා ජගත් පුෂ්පකුමාර, විදේශ අමාත්‍ය එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේධා ජී. ජයසේන, කාර්යාංශ සභාපති ඒ.එම්.හිල්මි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

SI