නවතම පුවත්

විදේශ රැකියා ගැටළු සෘජුවම සභාපතිට කියන්න අවස්ථාවක්...

විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාලව හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවාවන්ට අදාළව මෙතෙක් නොවිසඳුණු ගැටළු සෘජුවම ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට ඉදිරිපත් කිරීමට අවස්ථාව මහජනතාව ලබාදීමේ විශේෂ වැඩසටහනක් කාර්යාංශය විසින් හඳුන්වා දී තිබේ. “සභාපතිට කියන්න- Talk to Chairman” නම් මෙම වැඩසටහන මගින් අදාල ගැටළු සෘජුවම සභාපතිවරයා වෙත යොමුකරන අතර, ඒ සඳහා සිය පෞද්ගලික අවධානය එම ගැටළු වෙත යොමුකරමින් ඊට කඩිනමින් විසඳුම් ලබාදීමට කාර්යාංශ සභාපතිවරයා කටයුතු කරනු ලබයි.අභිනවයෙන් කාර්යාංශයට පත්වූ නව සභාපති කෝෂල වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ඒ වෙනුවෙන් විශේෂ ඒකකයක්ද කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ ස්ථාපනය කර තිබේ. මිට අමතරව, පැමිණිලි පෙට්ටියක්ද ස්ථාපනය කර ඇති අතර, ඊට යොමුකරන පැමිණිළි සඳහාද විසඳුම් ලබාදීමට කටයුතු කෙරේ.

තවද, 0112 864188 දුරකථන අංකය ඔස්සේද පැමිණිලි භාරගනු ලබන අතර, 0717 593 593 යන Whatsapp අංකය ඔස්සේ හා talkchairman@slbfe.lk යන ඊමේල් ලිපිනය ඔස්සේද පැමිණිලි යොමුකිරිමට අවස්ථාව සලසා දී තිබේ. විගමණික ප්‍රජාවගේ ගැටළු විශ්වාසවන්තව ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක්ද හා කාර්යාංශය මගින් වඩාත් හිතකර හා සුහදශීලි සේවාවක් ජනතාවට ලබාදීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, සම්ප්‍රදාය අභිබවා නව වෙනසක් ලෙසින් කාර්යාංශ ජනතාවට සමීප කිරීම මෙමගින් බලාපොරොත්තු වේ.

10/16/2024
10/16/2024
10/16/2024
10/16/2024
SI