කාර්යාංශයේ පුහුණු වැඩසටහන්

නව බලපත්‍රලාභීන් සහ සියලුම බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවල කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.

ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින්හට සපයනු ලබන සේවාවන්හි ගුණාත්මකභාවය සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා බලපත්‍රලාභීන් සහ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයින් හට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පුහුණු වැඩසටහනක් හඳුන්වා දී ඇති පුහුණු වැඩසටහනකි.

Certificate Course on General Management & Labor Migration

කාලසීමාව සහ වේලාව - මාස 03 කි (ඉරිදා දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.30 දක්වා)

මාධ්‍යය - දේශන පැවැත්වීම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන්

පාඨමාලා ගාස්තුව - රු.65,000.00 (කෙටි ආහාර සමඟ)

ස්ථානය - ජාතික කම්කරු අධ්‍යයන ආයතනය (NILS), කම්කරු ලේකම් කාර්යාලය,කොළඹ 05

SI