නවතම පුවත්

ප්‍රශ්නගත E8 වීසා රැකියා නීත්‍යානුකූල කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කරනවා...

ප්‍රශ්නගත දකුණු කොරියානු E8 කාණ්ඩයේ රැකියා සඳහා බඳවාගැනීම් හා පිටත්කිරීමේ ක්‍රමවේදය ඉතාම සූක්ෂමව අධ්‍යනය කරමින්, එය නීත්‍යානූකූල කිරීමේ හැකියාව සොයාබලන බව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. පසුගිය කාලයේදී ඊට අදාලව අත්සන් කර ඇති ගිවිසුම නීත්‍යානූකූල නොවන බවත්, ඒ සම්බන්ධව නිකුත්කර තිබු චක්‍රලේඛ යලි අවලංගුකර තිබෙන බවත් ඔහු සඳහන් කරයි. E8 වීසා සහිත රැකියා අයත්වෙන්නේ සෘතුමය රැකියා (Seasonal Jobs) කාණ්ඩයට වන අතර, මාස 5ක පමණ කාලයකට කොරියාවේ කෘෂි හා ධීවර අංශයේ රැකියා කිරීමට ඉන් අවස්ථාව ලබාදී තිබේ. මෙම රැකියා සම්බන්ධව පසුගිය කාලයේදී අත්සන් කර ඇති ගිවිසුම රාජතාන්ත්‍රික නොවන බැවින් එය කොරියානු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මස 03වෙනි දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයෙකුගේ අත්සනින් නිකුත් කරන ලද චක්‍රලේඛය සැප්තැම්බර් මස 23 වෙනි දින යලි අවලංගු කර තිබේ.

Mr. Wickramasinghe clarified that the agreement in question was never enforced, and therefore, the claims that these job opportunities have been lost are untrue. He further stressed that ongoing reports of employment agencies collecting money and passports for these jobs are illegal, urging the public not to fall prey to such scams.

SI